දේශීය

කොළඹ – පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (20) සහ අද (21) දිනවල වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය වයික්කාල දුම්රිය හරස් මාර්ගය අසලින් සීමා කිරීමට සිදුවන බව ය.

ඒ අනුව, එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රථ වාහන අවහිරතාවකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අද සිට මාර්ග රැසක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment