දේශීයව්‍යාපාරික

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

(UTV | කොළඹ) – සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 47,000ක් ආනයනය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර මහතා පැවැසීය.

ඉන්දීය ණය රේඛාව යටතේ මෙම මාසය තුළ පමණක් නාඩු, සම්බා සහ සුදු සහල් ඇතුළු සහල් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සහල් බෙදා හැරීමට බාධා එල්ල වී ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

Related posts

මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට

Editor O

Leave a Comment