දේශීය

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට ටෝකන් ක්‍රමය

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව හෙට (27) දිනයේ සිට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ටෝකන් පතක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ ටෝකන් පත අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය සහිතව ඉන්ධන පිරවුම්හලට ආවේනික ලෙස නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීළඟ ඉන්ධන නෞකාව පැමිණෙන තෙක් ඉන්ධන බෙදා හැරීම සීමා සහිතව සිදුවන අතර එහිදී ටෝකන් අනුපිළිවෙල අනුව ඉන්ධන පිරවුම්හලට බවුසරයක් පැමිණි පසු දැනුවත් කිරීමක් සිදුකර බෙදා හැරීමට නියමිතයි.

ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ටෝකන් පත ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස් බලා යන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

හයේ පොතේ ප්‍රශ්නයට සෝදුපත් බලන්නන් ඇතුළු හය දෙනෙකුගෙන් ප‍්‍රශ්න කරයි..

Editor O

Leave a Comment