දේශීය

හිරුණිකාට අපහාස නොකරන ලෙස අගමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – තිදරු මවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන අයුරින් ඇයගේ ඡායාරූප පළ නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සහ පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කළා.

විනීත සමාජයක මාතෘත්වයට නිග්‍රහ නොකළ යුතු බව ඔහු පැවසීය.

සෑම දෙයකටම පෙර මාතෘත්වය පිළිබඳ සංකල්පයට ගරු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

හිරුණිකා මහත්මිය ඊයේ අග‍්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවයකට එක්වෙමින් සිටියදී ලබාගත් අපහාසාත්මක ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඇය තම නිවසට පැමිණ ඇත්තේ දේශපාලන කටයුත්තක් සඳහා බවත් ඒ හා සම්බන්ධ මතවාදයක් සමඟ එය කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඇයගේ මාතෘත්වයට අපහාස වන අයුරින් කිසිවකු ක්‍රියා නොකළ යුතු බවද ඔහු පැවසීය.

Related posts

දුරුතු පොහෝ දිනය අදයි.

Editor O

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

Mohamed Dilsad

උණුසුම් කාළගුණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment