දේශීය

සියලුම ඇමතිවරු අවුරුද්දක් පඩි නැතුව වැඩ

(UTV | කොළඹ) – සියලුම අමාත්‍යවරු වසරක කාලයක් වැටුප් නොගෙන එම ධූරයන්හි කටයුතු කිරීමට එකඟත්වය පළකර ඇත.

අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ආ කැබිනට් යෝජනාවට සියලුම ඇමතිවරු එකඟ වූ බවයි.

“බිලියන 4යි දවසක ආදායම. බිලියන 9.6යි දවසක වියදම. ආදායම වඩා වැඩියෙන් බිලියන 2.4ක් සෑම දවසකම දැරීමට සිදුවීම නිසා ඇතිවෙලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදය තුළ මේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කරලා, මේ වර්ෂය තුළ දී කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ වර්ෂය තුළදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා. ඒ නිසා මේ වර්ෂයක කාලය තුළ අපි හැමකෙනෙක්ම රට වෙනුවෙන් බොහෝ ජනතාව කරන පරිත්‍යාගයන් වගේම කිසිදු වැටුපක් ලබන්නේ නැතුව ඇමති වැටුපක් ලබන්නේ නැතුව වසරක කාලයක් තුළ ක්‍රියා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරු කැමැති වුණා.”

Related posts

මෘත ශරීර ආදාහනය කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 22

Mohamed Dilsad

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment