දේශීය

ජනපතිගෙන් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක්

(UTV | කොළඹ) – ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලාට ලිඛිතව දැනුවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

අදාළ ලිපිය බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 24) මහ නාහිමිවරුන් වෙත පිළිගන්වා ඇතත් එය ප්‍රසිද්ධ කර නැත.

පසුගිය අප්‍රේල් මස 4 වන දා ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ඒකාබද්ධව ගනු ලැබූ තීරණයකට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් උන්වහන්සේලා විසින් ජනපති වෙත යොමු කරනු ලැබ තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොදැක්වූයේ යැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු පසුගිය 20 වන දා සිය දැඩි අප්‍රසාදය පළ කරමින් නැවතත් ඒකාබද්ධ නිවේදනයක් යොමු කළහ.

තවදුරට ත් ජනතා ගැටලුවලට අසංවේදී වන්නේ නම්, සංඝ සම්මුතියක් ප්‍රකාශ කරන බවට එමගින් අනතුරු අඟවා තිබිණි.

කේ.එල්. සුරවීර – මහනුවර

Related posts

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

Mohamed Dilsad

මානුෂීය මෙහෙයුමේදී හමුවූ, යුද හමුදාව බාරයේ සුරක්ෂිත කර තිබෙන රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

Editor O

රාජ්‍ය ආයතනයක් යටතේ පාලනය වන අධිවේගී මාර්ග සේවා කලාපය ගැන බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ඇත්තද…?

Editor O

Leave a Comment