දේශීය

අද විදුලිය කපන වෙලාවන් වෙනස් වෙයි

(UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 05 ක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

අද දිනයේ A සිට L දක්වා කලාප සදහා උදෑසන 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළ පැය 03 යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

එම කලාපවලටම පස්වරු 06 සිට රාත්‍රී 11.00 කාලය තුල පැයයි විනාඩි 40 ක විදුල කප්පාදුවක් සිදු කිරීමට ද මහජන උපයෝගීතා කොමිසම විදුලිබලය මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

P සිට W යන කලාප සදහා උදෑසන 09 සිට පස්වරු 05 දක්වා කාලය තුළ පැය 2 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් නැවත සිදු කිරීමටත් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

විදුලිය කපන වෙලාවල් මෙන්න 

Related posts

සෝලා විදුලි නිෂ්පාදනය අධෛර්යට පත් කිරීමේ උත්සාහයක් ගැන හිටපු ඇමති පාඨලී චම්පිකගෙන් අනාවරණයක්

Editor O

භාණ්ඩ කිහිපයකට ළඟදීම පාලන මිලක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment