විදෙස්

රුසියාව යුද සහාය ඉල්ලූ බව චීනය ප්‍රතික්ෂේප කරයි

(UTV |  චීනය) – යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා වෙත යුධෝපකරණ ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ බවට පළ වන වාර්තා චීනය ප්‍රතික්ෂේප කරනවා.

වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලියු පෙන්ග්යු කියා සිටියේ, එවැනි ඉල්ලීමක් පිළිබඳ කිසි ලෙසකින් හෝ අසන්නට නො ලැබුණු බවයි.

වැදගත් වන්නේ යුක්රේනයේ තත්ත්වය පාලනය කළ නො හැකි මට්ටමක් දක්වා වර්ධනය වීම වැළැක්වීම බව ඔහු සඳහන් කළා.

රුසියානු හමුදා චීනයේ යුද සහාය ඉල්ලා ඇති බව ෆිනෑන්ෂියල් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් හෙළිදරව් කළේ, ඇමරිකානු රජයේ නිලධාරීන් උපුටා දක්වමින්.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ යුක්රේන ආක්‍රමණය සඳහා රුසියාවට සහාය දැක්වුව හොත් චීනයට ද දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

Related posts

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වෙඩි වරුසාවක් – 26 ක් මරුට

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපතිවරණයට ජනතාව අතර දැඩි උනන්දුවක්

Mohamed Dilsad

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

Mohamed Dilsad

Leave a Comment