දේශීය

“පොල්තෙල් හිගයක් මවාපාමින් මිල විකෘතියකට බහුජාතික සමාගම් සූදානම්”

(UTV | කොළඹ) – රටේ පොල්තෙල් හිගයක් මවාපාමින් සිංහල දමිල අලූත් අවුරුද්ද සඳහා මිල විකෘතියක් කිරීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානම් වන බවට පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මහා පරිමාණ සමාගම් විසින් පොල් තෙල් තොග සගවා තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ දිනවල වෙළඳපොලේ පවතින පොල්තෙල් හිගය පිළිබඳව අදහස් දැක්වීමදී පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මේ බව කියා සිටියා.

එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයින් ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය තෙල්වලින් සියයට සියයක්ම නිෂ්පාදනය කරන බවයි.

ද සිල්වා කියා සිටියේ දේශීය පිරිපහදු මෙට්‍රික් ටොන් පොල්තෙල් තොග ගබඩාවල සඟවාගෙන සිටින බවයි.

බහුජාතික සමාගම් පොල්තෙල් සඳහා පෝලිම් ඇති කිරීමට උත්සාහ කරන බවත්, මහජනතාවට තවදුරටත් බර පටවන බවත් රජයට ප්‍රශ්න අවුල් කරන බවත් ඔහු පැවසීය.

ද සිල්වා මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ට තම නිෂ්පාදනය සාධාරණ මිලකට ජනතාවට ලබාදීමට හැකිවන පරිදි සහය ලබාදෙන ලෙසයි.

Related posts

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

කාලගුණයේ අද තත්ත්වය

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 1000 කට අධික පිරිසක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment