දේශීය

“මහින්දගේ කතාව මහ මෝඩ කතාවක්” – විමල් කියයි

(UTV | කොළඹ) – රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය මෝඩ ප්‍රකාශයත් යයිද හෙතෙම පැවසීය.
ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද‍්‍රව්‍ය ආනයනයට බලපා ඇත්තේ මෙරට බලපා ඇති විදේශ විනිමය අර්බුදය නිසා බව ද හෙතෙම පැවසීය.

“මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කරවීමයි” යයිද ඔහු තව දුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වන නැව්වලින් ගොඩබෑමට පමණක් ඇති බවත් අමාත්‍යවරුන් අවබෝධයෙන් තොරව කරන ප්‍රකාශ නිසා ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන බවත්ය.

Related posts

මාලිමා මන්ත්‍රීවරු තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන් – දිලිත් ජයවීර

Editor O

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ගැන වත්මන් ආණ්ඩුවට සුබ පතනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment