දේශීය

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි

(UTV | කොළඹ) – වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට මහ බැංකුව ගන්නා උත්සාහය පරිපූර්ණය කිරීම සඳහා රජය විසින් උපායමුලික උත්සහයන් කඩිනමින් ගත යුතු බව මුදල් මණ්ඩලය අවධාරණය කරයි.

රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක වශයෙන් රජය ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂි කරුණු 08 ක් පිළිබඳව මුදල් මණ්ඩලව රජයට උපදෙස් ලබා දී තිබේ.

එම කරුණු අතරට මහ බැංකුව මීට පෙර නිර්දේශ කළ පරිදි අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන අධෛර්මත් කළ යුතුවේ.

මේ අතර වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් හා විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතු බව මුදල් මණ්ඩලය අවධාරණය කරයි.

විදේශ ප්‍රේෂණ හා ආයෝජන තවදුරටත් දිරිමත් කිරිම මුදල් මණ්ඩලය ඉදිරිපත් කරන අනෙක් යෝජනාවයි.

බලශක්ති සංරක්ෂණ ක්‍රියාත්මක කිරීම,

පුනර්ජනනීය බලශක්ති දෙසට වේගවත්ම ගමන් කිරීම සහ තිරසාර පදනමක් මත සුසුසු බදු වැඩි කිරීම හරහා රාජ්‍ය ආදායම වැඩි කිරිම මුදල් මණ්ඩලය ලබා දී ඇති සෙසු උපදෙස් වේ.

හදිසි පදනමක් මත විදේශ මුල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒම ලබාදී ඇති උපදෙස් අතරට අයත් ය.

උපායමාර්ගික නොවන හා ඌන උපයෝගි වත්කම් වලින් මුදල් ඉපයීම තවත් උපදෙසකි.

අත්‍යවශ්‍ය නොවන හා හදිසි ප්‍රාග්දන ව්‍යාපෘති කල් දැමීමට ද ශ්‍රි ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය රජයට උපදෙස් ලබා දී තිබේ.

Related posts

අමාත්‍ය ධුරවල සංශෝධනයක් …

Mohamed Dilsad

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Leave a Comment