දේශීය

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ලාංකිකයන් ඉවත් කර ගන්නවා

(UTV | කොළඹ) – හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේනයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මේ බව පවසයි.

යුක්‍රේනය තුළ මේ වන විට ලාංකිකයන් 40ක් පමණ සිටි බවත් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

මෙම ලාංකිකයන් අතරින් 07ක් සිසුන් බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් කිසිඳු ගැටලුවකින් තොරව සිටින බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වුවත් තුර්කියේ පිහිටි තානාපති කාර්යාලය යුක්‍රේනයේ කටයුතුද සිදුකරයි.

Related posts

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Mohamed Dilsad

ඩොලර් රුපියල් කිරීමේ නව නීතියෙන් ප්‍රේෂණවලට බලපෑමක් නැහැ – මහබැංකු

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි

Editor O

Leave a Comment