දේශීය

අද සවස පහේ සිට කැලණිතිස්ස විදුලි ජනනය නවතියි

(UTV | කොළඹ) – කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අද(18) පස්වරු 5.00 සිට අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ අනුව අද සවස පහේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.

මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවට යි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ.

Related posts

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

Mohamed Dilsad

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන විවෘත කිරීමට පෙර විෂබීජහරණය කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment