ව්‍යාපාරික

නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්

2016 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මාර්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් වැඩ බලන ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.
කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනාගත හැකිය. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනාගත හැකිය. ඒ අනුව 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනු මෙම දර්ශකය, 2017 ජනවාරි මස සිට දින 42ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලැබේ.
තව ද, 2016 මාර්තු මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 මාර්තු  මස ‘ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන’ (21.5%), ඇඟලුම්  නිෂ්පාදන’ (5.9%) සහ ‘ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන’ ( 5.8%) කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. මෑත කාලීන ඉදිකිරීම් කර්මාන්තයෙහි සිදු වූ වර්ධනය ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනවල නිෂ්පාදන ධාරිතාවෙහි සිදුව ඇති කැපීපෙනෙන වර්ධනයට හේතු විය හැක. ‘අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන’ (17.3%), ‘දැව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන’ (16.5%),  සහ ‘රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන’ (15.1%) 2016 වර්ෂයේ මාර්තු මාසික නිෂ්පාදනයට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කරයි. ඒ අනුව 2016 වර්ෂයේ පළමු වන කාර්තුවට  සාපේක්ෂව 2017 වර්ෂයේ පළමු වන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 1.1 % කින් වර්ධනය වී ඇත.

Related posts

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

විදෙස් රටවල හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු ආයතනයක් සුදානම්

Mohamed Dilsad

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

Editor O

Leave a Comment