විදෙස්

ඔමික්‍රෝන් වැඩිවේ – අගමැති හදිසි සාකච්ඡාවක් කැඳවයි

(UTV |  ඕස්ට්‍රේලියාව) – ගතවූ පැය 24 තුළදී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත සියල්ලම මේ දක්වා වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා වාර්තා කිරීම විශේෂත්වයක්.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 11,201 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,767 ක් හමුවී තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 1589 ක් / දකුණු ඕස්ට්‍රේලියාවෙන් 1471 ක් සහ ඒ සී ටී ප්‍රාන්තයෙන් 138 ක් ලෙසයි කොවිඩ් රෝගීන් වාර්තා වූයේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 18,166 ක්.

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදය හමුවේ ඕස්ට්‍රේලියාවෙන් මෙලෙස ඉහළ ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්ව ඇති අතර පවතින තත්වය සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පුද්ගලයන්ට එරට රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment