දේශීය

ෆයිසර් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 12/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්රැම් 4,485 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 137 ක අසුරා මුලින්ම ඇමෙරිකාවේ සිට ගුවන් මගින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර වෙත ගෙන ආ අතර , එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් තිබේ .

ඊට පසුව ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් 12/28 දින අලුයම 12.29 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

සෙල්සියස් ඍණ අංශක අසූවක (-80 C°) උෂ්ණත්වයක් යටතේ මෙම එන්නත් තොගය සුරැකිව තබා ගත යුතු අතර , කටුනායක ගුවන් තොටුපළේ දී ත් , ගුවන් යානා තුළ දීත් එම උෂ්ණත්වය යටතේ , මෙම එන්නත් තොගය පවත්වා ගෙන ගොස් තිබුණි .

පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

Related posts

මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

Mohamed Dilsad

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද දිවයිනට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment