දේශීය

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා හමුවීම සඳහා ඉකුත් 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා මහතා විසින් නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නුදුන් බවය.

එම කරුණ සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම වුණි.

Related posts

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

ජාතික පාසලක පන්ති කාමරයක සිටිය යුතු උපරිම සංඛ්‍යාව 45 ක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක – තරඟ කාලසටහන මෙන්න

Editor O

Leave a Comment