දේශීය

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

(UTV | කොළඹ) – අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය තීරණය කර ඇති බවය.

හිමිපාණන්ගේ අපවත්වීම සැල වූ වහාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇමතූ ජනාධිපතිවරයා අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

වත්මන් ආණ්ඩුවේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව, සමගි ජන බලවේගය රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරයි…!

Editor O

මාලිමාවට බලය හිමි දොඩංගොඩ සභාවේ අයවැය පරාදයි

Editor O

තවත් ප්‍රදේශ රැසක හුදකලා තත්ත්වය ඉවතට

Mohamed Dilsad

Leave a Comment