දේශීය

ගුරු වෘත්තීය සමිති අතර ගැටුම්

(UTV | කොළඹ) – සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් බවට ඇතැම් විදුහල්පති සංගම් කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ගුරු විදුහල්පතිවරුන් එක්ව සිදු කරන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරිම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලු‍ම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලු‍ම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව ප්‍රකාශ කළේ.‍

එමෙන්ම, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළා.

ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 72 වන දිනටත් ක්‍රියාත්මක යි.

Related posts

විදෙස් ගතව සිටින ලාංකිකයින් යළි පැමිණීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

ලංවිම සේවක වන්දි ගෙවන්න කෝටි 15,000ක් අවශ්‍යයි | බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!

Editor O

තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment