ක්‍රීඩා

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක්

(UTV | කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා.

සිය තුන්වන එක්දින ශතකය රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබාගත්තා.

මිනෝද් භානුක ලකුණු 27යි. ධනංජය ද සිල්වා ලකුණු 44ක් සහ චරිත් අසලංක ලකුණු 72ක් රැස් කළා.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා සහ කේශව් මහරාජ් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 301ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණයි.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලුවා.

මෙම තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවුනා.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට  (04) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment