දේශීය

ස්ටාලින්ගෙන් පොරොන්දුවක්

(UTV | කොළඹ) – එළඹෙන සඳුදා වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළහොත් තමන් වර්ජනය අවසන් කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“අධ්‍යාපනය නතරවෙලා අවුරුද්දකුත් මාස 5ක් ගතවෙලා දැන්. එතකොට අධ්‍යාපනය ලබාදීම සිදුවුණේ ඔන්ලයින් ක්‍රමවේදයට. ඒක ලබාදුන්නේ ලංකාවේ ලක්ෂ 43ක ළමයිගෙන් 40%ක වගේ පිරිසකට. 60%කට කිසිම අධ්‍යාපනයක් තිබුණේ නැහැ. එතකොට ඔය 40%ක් ළමයින්ට අධ්‍යාපනය ලබාදුන්නේ ගුරුවරු තමන්ගේ අතේ තියෙන මුදලින්. ඒ ක්‍රියාවලියත් දින 48ක් පමණ නතරවෙලා තිබෙන්නේ. එතකොට ඔන්ලයින් ක්‍රියාවලිය ආරම්භකිරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයා අපෙන් ඉල්ලීමක් කළා. අපි කියා සිටියේ ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරන්න පුළුවන් එළඹෙන සඳුදා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වාර්තාවක් දීලා තියෙනවා. ඒ අනුකමිටු වාර්තාව අපේ යෝජනාවලට සරිලන ආකාරයෙන් සකස්කළොත් සඳුදා මේක අවසන් වෙන්න පුළුවන්.”

Related posts

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් 50 ක් මරුට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment