දේශීය

නිරෝධායන නීති කැඩූ 743 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (24) දිනයේ පුද්ගලයන් 743 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වැරදි යටතේයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 45,532 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Related posts

ඇමතිවරයෙක්ගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

බන්ධනාගාර කොරෝනා පොකුර තවත් ඉහළ යයි

Mohamed Dilsad

ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…

Editor O

Leave a Comment