ක්‍රීඩා

PSL ජූනි 9 වනදා යළි ඇරඹේ

(UTV | පාකිස්තානය) – කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදුවූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 09 වනදා අබුඩාබි හී දී ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  

අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලබන 24 වනදායි.

මේ හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය ආරම්භ කිරීම ද දින දෙකකින් කල් දැමීය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලබන 23 වනදා වෙනුවට ලබන 25 වනදා එංගලන්තයට ළගා වීමට නියමිතයි.

Related posts

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

Mohamed Dilsad

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment