දේශීය

ඉදිරි දින කිහිපයේ රටතුල බහුවිධ ආපදා තත්වයක්

(UTV | කොළඹ) – මෙම මස 25 සහ 26 දින වනවිට රටතුල නිරිතදිග මෝසම් කාළගුණ තත්වය සක්‍රියවීමත් සමග තද වැසි සහ ගංවතුර තත්වයන් ඇතුලු බහුවිධ ආපදා තත්වයන් ඇතිව්ීමේ අවදානමක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ශිරෝමනී ගුණවර්ධන මහත්මිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවදිී කියා සිටියේ ඉදිරි කාළගුණ තත්වය පිළීබද නිකුත් කරන නිවේදන පිළීබද ජනතාව අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීෂ්වර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

නිරිතදිග මෝසම් කාළගුණ තත්වය සක්‍රීයවීමත් සමග කලු – කැළණී – ගිං – නිල්වලා සහ අත්තනගලු යන ගංගා ආශ්‍රීතව ගංවතුර තත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රීත පහත්බිම්වල ජනතාව ඉදිරි දින කිහිපය තුල ඉතා අවධානයෙන් සිටින ලෙසයි සුගීෂ්වර මහතා දැනුම් දුන්නේ.

Related posts

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

Mohamed Dilsad

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment