ක්‍රීඩා

උප නායකත්වයේ වගකීම දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි – කුසල් ජනිත්

(UTV| කොළඹ) – කුසල් මෙන්ඩිස්ට උප නායකත්වයේ වගකීම ද ලබා දී ඇති බැවින් ඔහුගේ පිතිකරණයේ වෙනසක් අපේක්ෂා කළ හැකි වනු ඇති බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. 

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුසල් මෙන්ඩිස්ට විවේක කාලයක් ලබා දීමට ගෙන තිබූ තීරණය ඉතා නිවැරැදි බවයි.

“කුසල් මෙන්ඩිස්ට ඇත්තටම ඒ විදිහ විවේකයක් හම්බුන එක හොදයි. ඕනෙම ක්‍රීඩකයෙක් උඩට යනව පල්ලෙහාට යනව. ඒ කාලෙට විවේකයක් ලැබෙන එක හොදයි.” යනුවෙන් කුසල් ජනිත් සදහන් කළා.

“වගකීමක් එක්ක තමයි එයාව ටීම් එකට එවලා තියෙන්නේ. එතකොට එයාට වගකීමක් දුන්නම එයා ටිකක් වෙනස් වෙයි කියලා මට හිතෙනවා පිතිකරණයේ දී. එයාට ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න පුලුවන්. ඒ වගේ කෙනෙක්ට වගකීමක් දුන්නම එයාගෙන් ගන්න පුලුවන් උපරිමය ගන්න පුලුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා.”

Related posts

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

Mohamed Dilsad

IPL තරගාවලිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment