ගොසිප්

කොරෝනාවෙන් බේරෙන්න ගවයින්ගේ මල මුත්‍රා නාන ඉන්දියානුවෝ [PHOTOS]

(UTV | ඉන්දියාව) – කොවිඩ් -19 වෛරස ආසාදනය වීම වලක්වනු ඇතැයි යන විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයින්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටියි.   

හින්දු භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ ගව ගොම සතුව විෂබීජ නාශක ගුණ ඇති බවටයි.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා වල සිරුරු ආවරණය කිරීම සඳහා ගව ගාල් වෙත ගොස් සිදුකරනු ලබන්නේ එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇති බවටයි.

මේ සඳහා සහභාගිවන්නන් ඔවුන්ගේ ශරීරයේ ගොම හා මුත්‍රා මිශ්‍රණය ගල්වා ගෙන එය වියළී යන තෙක් බලා සිටියි. පසුව ශරීරයේ ගැල්වූ ගව ගොම සහ මුත්‍රා කිරි හෝ බටර් වලින් සෝදා හරිනු ලබයි.

කොවිඩ් -19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ගව මල හෝ මුත්‍රා ක්‍රියා කරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් අවධාරණය කරයි.

Related posts

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

Mohamed Dilsad

සහල් කිලෝ 3 ක් පවුලකට සති දෙකකට කන්න පුළුවන් – බන්දුල කියයි

Mohamed Dilsad

Leave a Comment