ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කරයි

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන තරග නිළධාරීන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර ඇත.    

ඒ අනුව ටෙස්ට් තරග දෙකේ දී ම පිටියේ විනිසුරුවරුන් වශයෙන් කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිතයි.

එම තරග දෙකේම තරග තීරකවරයා වන්නේ රංජන් මඩුගල්ල මහතායි.

රවීන්ද්‍ර විමලසිරි මහතා තෙවන විනිසුරු ලෙස කටයුතු කරන අතර, පළමු තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස ලින්ඩන් හැනිබල් මහතා කටයුතු කරනු ඇති.

ප්‍රගීත් රඹුක්වැල්ල මහතා දෙවැනි තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙසයි කටයුතු කිරීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

 

Related posts

සුපිරි වේග පන්දු යවන්නාගේ සමු ගැනීම

Mohamed Dilsad

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට කාසියේ වාසිය

Mohamed Dilsad

Leave a Comment