ක්‍රීඩා

ඒ ප්ලස් ශ්‍රේණියේ ඉන්න ක්‍රීඩකයන් මෙන්න

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ අනුව ඒ ප්ලස් ශ්‍රේණියේ ක්‍රීඩකයන් ලෙස නායක විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ ජස්ප්‍රිට් බුම්රා නම් කර තිබෙනවා. ඔවුන්ට වාර්ෂිකව හිමිවන දීමනාව ඉන්දීය රුපියල් කෝටි 7ක්.

ඒ ශ්‍රේණියේ ක්‍රීඩකයන් ලෙස රවි චන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ශිකර් ධවාන්, මොහොමඩ් ශමී, රිෂාබ් පාන්ට් ඇතුළු ක්‍රීඩකයින් දස දෙනෙකු නම් කර ඇති අතර ඔවුන්ට ඉන්දීය රුපියල් කෝටි 5 ක වාර්ෂික දීමනාවක් හිමිවනු ඇති.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බී සහ සී ශ්‍රේණියේ කොන්ත්‍රාත් ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති ක්‍රීඩකයන්ට පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 3 ක් සහ රුපියල් කෝටියක වාර්ෂික දීමනාවක් හිමිවනවා.

Related posts

ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට

Mohamed Dilsad

පන්දුව ඔප දැමීමේදී ඛේටය භාවිත කිරීම මින් පසු තහනම්

Mohamed Dilsad

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment