ගොසිප්

ජනපතිගේ ‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..

(UTV | කොළඹ) – අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා, ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.

ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.

Related posts

පාතාල මර්ධනයට එරෙහිව ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුටත් කොරෝන

Mohamed Dilsad

Leave a Comment