දේශීය

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ගන්න රජය ගිවිසුම් ගතවෙයි

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම්ගත වී තිබේ.   

එහි සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, එන්නත් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුට්නික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් ඊයේ (31) අත්සන් කළ බවය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

එම ගිවිසුම අනුව ස්පුට්නික් එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතව ඇත.

 

Related posts

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදිකිරීම් ‌‌‌මෙම වසර තුළ

Mohamed Dilsad

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

Leave a Comment