දේශීය

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ලබන 31 වනදා පස්වරු 10 සිට අප්‍රේල් 01 වනදා පස්වරු 04 දක්වා පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.    

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Related posts

අග්‍රාමාත්‍යවරයාගෙන් වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

රවුෆ් හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

Leave a Comment