දේශීය

රිෂාඩ්ට එරෙහි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම නවත්වන්නැයි විමල්ට අධිකරණ නියෝගයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ආකාරයේ ද්වේෂ සහගත ප්‍රකාශ සිදුකිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.  

ඒ , රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගොණුකර තිබූ පෙත්සමක් අද (16) කැඳවූ අවස්ථාවේදීයි.

මෙම වාරණ නියෝගය දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් නිකුත් කළ අතර එය ලබන 31 වනතෙක් බලාත්මක වෙයි.

විමල් වීරවංශ මහතා විසින් රිෂාඩ් බදියුදීන් මහතා ඉලක්කර සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් රූපවාහිනී නාලිකා තුනකටද දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය පනවනු ලැබීය.

මුස්ලිම් අන්තවාදය හා පාස්කු කොමිසම යන මාතෘකාව යටතේ පසුගිය 9 වනදා කොළඹ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇති බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණුකර ඇත.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රූපවාහිනී නාළිකා 3 ක් මෙම පෙත්සමේ වගඋත්රකරුවන් ලෙස දක්වා ඇති අතර , ඒ අනුව පෙත්සමට අදාලව කරුණු දැක්වීම සඳහා ලබන 30 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් වගඋත්තරකාර පාර්ෂව වෙත නොතීසි නිකුත් කිරීමටද දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා නියෝග කරනු ලැබීය.

 

 

Related posts

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදල

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සියලු ආගමික ඉරිදා දහම් පාසැල් ජනවාරි 17 වනදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment