විදෙස්

බ්‍රසීලයේ නගර රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්න වෙයි

(UTV | බ්‍රසීලය) – කොවිඩ් වාතාවරණය හමුවේ බ්‍රසීලයේ විශාල නගර රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නව පවතින බවට එරට ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය අනතුරු අඟවයි.   

දැඩි සත්කාර ඒකක ඇඳන්වලින් 80 % ක් පමණ මේ වනවිට භාවිතයට ගෙන ඇති බවත් සඳහන්.

බ්‍රසීලයේ ව්‍යාප්තවන නව කොරෝනා වෛරස් ප්‍රභේදයත් සමග ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ වසංගතය පාලනය ගිලිහී ගොස් ඇති බවද බ්‍රසීල සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඇමෙරිකාවට පසු ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනුයි.

කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භයෙන් පසු මේ වන විට පළමු වරට බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී බ්‍රසීලය තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 2286 ක්.

 

Related posts

ක්‍ෂණික ගංවතුර තත්වයකින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට

Mohamed Dilsad

මැන්කුට් චීනයට කඩා වදී

Mohamed Dilsad

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment