Trending News

කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක්

(UTV | ඇමරිකාව) – ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්ව ඇත.

ඔහු බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවක්.

එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කළ අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.30 කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.

ග්‍රාන්ට් හොලොවේ ඊයේ (24) බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයක්.

 

 

Related posts

Will Smith wanted ‘Bollywood level’ scene in ‘Aladdin’

Mohamed Dilsad

Sports Minister, SLC CA and CEO to hold discussions with ICC

Mohamed Dilsad

Ravi Karunanayake to make special statement on Bond issue in Parliament

Mohamed Dilsad

Leave a Comment