දේශීය

මෙවර සාපෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(UTV | කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති , දේශන , සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හෝ බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීති කඩකරන පුද්ගලවන් සම්බන්ධයෙන් පොලිසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කල හැක.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමුවනදා ආරම්භ වී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

Related posts

UPDATE: රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්

Mohamed Dilsad

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකරලා

Editor O

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment