ගොසිප්

කොළඹින් කොරෝනා විකෘති ප්‍රභේද ආසාදිතයන් හමුවේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ විකෘති ප‍්‍රබේදයන් ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් අනාරක්ෂිතව හැසුරුනොත් කොරෝනා තෙවන රැල්ලක් ඇති වීම අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකරන පරීක්ෂණ වලිනි.

විකෘති ප්‍රභේදයන් සහිත ආසාදිතයන් දෙදෙනාගේ සමීපතමවන් සොයා පරීක්ෂණ සිදු කරමින් සිටියි.

හැකිතාක් දුරට ජනතාව සමඟ සමීප වීම අඩු කරන ලෙසත් සංචාරකයන් ගෙන් ඈත් වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි දිනවල දී කොළඹ නගර සීමාව තුළ ජනතාවට රැස්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අංශ දැඩිව සලකා බලමින් සිටී.

මේ වන විට මෙරටින් මෙතෙක් තහවුරු කළ කොවිඩ් මරණ 400 සීමාව ඊයේ (15) ඉක්මවා ගියේය.

මෙරට 300 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි 29 වනදා ය. ඒ අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 300 සිට 400 දක්වා ඉහළ යෑමට ගතවී ඇත්තේ දින 18ක් පමණි.

ඒ අනුව කොවිඩ් මරණ වාර්තා වීමේ වේගය ඉහළ ගොස් ඇති බව පැහැදිලිව පෙන්නුම් කෙරේ.

 

Related posts

තෙල් සංස්ථාවෙන් ලංවිමට පැකේජ වශයෙන් ඉන්ධන..

Mohamed Dilsad

වඳ සැත්කම් ගැන රට ගිනි තියපු බොරුවට මොකද්ද වුනේ?

Mohamed Dilsad

රංජන්ට ඇමති ධුරය අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment