දේශීය

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට සැරසෙයි

(UTV | කොළඹ) – ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාකාරී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව භාරතීය ජනතා පක්ෂය පවසයි.

එහි හිටපු සභාපති ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සඳහන් කර ඇත්තේ එම පක්ෂයේ අභ්‍යන්තර හමුවකදීයි.

ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශකර ඇති ඉන්දීය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බව වාර්තා වේ.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බව ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සඳහන්කර ඇත.

 

 

Related posts

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

Editor O

තවත් කොවිඩ් මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

සපුගස්කන්ද යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment