දේශීය

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ කිහිප දෙනෙකුටම කොවිඩ් බව හඳුනාගැනේ

(UTV | කොළඹ) – රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබේ.

එම නිලධාරීන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේවෙතත් අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බවද රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

Related posts

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment