දේශීය

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV |කොළඹ) – බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාවද 656 දක්වා ඉහළ ගොස් තිබේ.

එම පිරිස් අතර  නිලධාරීන් 43 දෙනෙකුද අයත්වන බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේය.

රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බන්ධනාගාරවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාවද හෙට (23) සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ බන්ධනාගාරවල පවත්නා තදබදය අවම කරගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අතර විශේෂ සාකච්ඡාවක් හෙට (23) පැවැත්වීමට නියමිතය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

සජිත්ට බාධා කළ පිරිස ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

Leave a Comment