දේශීය

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක

(UTV | කොළඹ) – කොරෝනා අවදානම හමුවේ පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ කොරෝනා වසංගතය අවසන් වන තෙක් රාජකාරී නතරකරගෙන සිටිය නොහැකි බවයි.

එබැවින් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙන්ම මැති ඇමතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බව කතානායකවරයා එහිදී කියා සිටියේය.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

 

Related posts

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්

Editor O

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment