ක්‍රීඩා

මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මුරලි අදහස් දක්වයි

(UTV | කොළඹ) – මේ වන විට මෙරට ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් කීපදෙනෙකු හැර හොද දගපන්දු යවන්නන් නොමැති බව තමාට හැඟෙන බව මෙරට ක්‍රකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර ඇත.

“ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධත්වය විස්සයි විස්ස හා එක්දින තරග රටාව මගින් වෙනස් කර තිබීම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ගැටලුවක්. මම ක්‍රීඩාකරන සමයේදී පිතිකරුවන් තාක්ෂණය අතින් ඉහළ මට්ටමක සිටියා. ඒ වගේම එම තණතීරු පැතලියි. දැන් ක්‍රීඩකයන් දින තුනකින් පමණ තරග අවසන් කරන්න උත්සහ කරනවා” යනුවෙන් Sydney Morning Herald වෙත මුරලිදරන් අදහස් දක්වා ඇත.

“මගේ කාලයේ සිටි පන්දු යවන්නට අමතර දේවල් කරන්න වුණා පන්දුව දගකවන්න. ඒ වගේම විශ්මයජනක දේවල් කරන්න සිදුවුණා හොද ප්‍රතිඵලයක් ගන්න. නමුත් මේ කාලයේදී ඔබ නියමිත ස්ථානයට එල්ලයකින් යුතුව පන්දු යැව්වොත් ඔබට කඩුලු 5ක් දවාගන්න පුලුවන්. පිතිකරුවන්ට වැඩිවේලාවක් ලකුණු රැස්කරන්නැතුව ඉන්න අපහසු නිසා එය සහතිකවම සිදුවෙනවා.”

“විස්සයි විස්ස ක්‍රීඩාවේදී පිතිකරුවන් දගපන්දු යවන්නන්ට පහර දෙන නිසා විවිධාකාරයෙන් පන්දු යවනවා. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එය සිදුකිරීම අවශ්‍ය නෑ.”

කඩුලු 800 දවාගැනීමට පන්දු යවන්නෙකුට අවස්ථාව පවතීදැයි මෙහිදී මුරලිදරගෙන් විමසා ඇත.

“අශ්වින්ට එම අවස්ථාව තියෙනවා. ඔහු හොද පන්දු යවන්නෙක්. ඒ හැරුණාම කිසිදු තරුණ දගපන්දු යවන්නෙකු කඩුලු 800 සීමාවට ලගාවෙයි කියල මම හිතන්නෑ. නේතන් ලයන්ට කඩුලු 800 කරා ලගාවෙන්න අපහසු වෙයි. ඔහුට කඩුලු 800 කරා ලගාවෙන්න තරග රාශියක් ක්‍රීඩා කරන්න වෙයි.” යනුවෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන්කොට ඇත.

 

 

 

Related posts

නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

Leave a Comment