කලා

සිනමා කර්මාන්තය නැංවීමට බදු සහන

 

(UTV |කොළඹ ) – චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ද හිමි වන බව රජය පවසයි.

එසේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වන බව සඳහන් ය.

ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව ඔස්සේ ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබාදෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් පසුගිය (08) වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීම්වලට අනුව එදින ගත් තීරණවලට අදාළව මුදල් අමාත්‍යංශයේ ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් විසින් එම තීරණය ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Related posts

RACE 3 චිත්‍රපටයෙන් ගීත රචකයෙක් වූ සල්මන්

Mohamed Dilsad

ආදරවන්තයන්ගේ දිනයට එන” 100% Kadhal”

Mohamed Dilsad

ලෝ ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment