දේශීය

වධ හිංසාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 414 දෙනෙකු දිවයිනට

(UTV | කොළඹ) – මැදපෙරදිග, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර සහ වධ හිංසාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 414 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මොවුන් සියලුදෙනා ගුවන්තොටුපලේදීම PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා රජයේ මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

විදේශයන්හී සිට තවත් 70 කට වැඩි පිරිසක් අද දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිත අතර , එක්සත් අරාබි එමිර් රාජ්‍යය , තුර්කිය , ඉන්දුනීසියාව යන රටවල සිට එම පිරිස පැමිණීමට නියමිතය.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 75 ක් තුල පුද්ගලයින් 6267 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

 

Related posts

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

Editor O

පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

Leave a Comment