දේශීය

ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින්  එක් ආසාදිතයෙකු පමණක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙතෙක් සිදුකර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13,137ක් වන අතර ඉන් ආසාදිතයින් 103ක් හඳුනාගෙන ඇති බවයි.

එම ආසාදිතයන් 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රියන් 604 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ ඇගයීම් සහතික

Editor O

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment