ගොසිප්

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන්න රජය සුදානම්

(UTV |කොළඹ) – පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒකාබද්ධව මේ පිළිබඳව හෙට (04) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර තිබුණි.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන ඇත.

එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහාරජය විසින් මෙම පියවර ගෙන තිබේ.

 

Related posts

විමල්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට පොලිසියට හදිසි ඇමතුමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment