ගොසිප්

විමල්ට එරෙහිව CID යෙන් පුළුල් විමර්ශණයක් ඇරඹීමේ සූදානමක්

(UTV | කොළඹ) – මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමැතිවරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30) නියෝග කර ඇති බව වාර්තා වෙයි.

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමතිවරුන් මහර බන්ධනාගාර සිද්ධිය කුමන්ත්‍රණයක් බවට සඳහන් කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි, සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙන බව ද වාර්තා වෙයි.

අදාළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන දෙදෙනා කර තිබෙන ප්‍රකාශයන් ගැන විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

 

Related posts

කාන්තා දිනයට වදන් තැබූ මනූෂට හිටපු බිරිඳගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක්

Mohamed Dilsad

කොරෝනා 99.9 % ක් නැසිය හැකි ප්‍රතිවෛරසයක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment