විදෙස්

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක හටගත් ගින්නකින් 10 ක් මරුට

(UTV | රුමේනියාව) – රුමේනියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙම ගින්න හටගෙන ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බරපතල පිළිස්සුම් තුවාල ලැබූවන් අතර රෝගීන් බේරා ගැනීමට ගිය වෛද්‍යවරයෙකුද ඇතුළත් වන අතර , රෝහලේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇති බව රුමේනියා වාර්තාවල සඳහන් වෙයි.

 

Related posts

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රුසියාවේ රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

Mohamed Dilsad

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment