ක්‍රීඩා

යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩා පිටියක් කිරීමට පියවර [PHOTOS]

(UTV | යාපනය) – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමට එක්විය.

ක්‍රීඩකයෙක් ලෙස තමාට මෙහි ඇති අඩුපාඩු පිළිබද අවබෝධයක් ඇති බවත්, ඉදිරි වසර කීපය තුළ මෙහි සංවර්ධන කටයුතු අවසන් කර ක්‍රීඩාවට යෝග්‍ය අයුරින් නිර්මාණය කරන බව පැවසීය.

එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ,අපි බලාපොරොත්තු වන ආකාරයට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උතුරු පළාත තුළ දොරෙඅප්පා ක්‍රීඩාංගණය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙනවා. ෆුට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ෆුට්බෝල් ලීග් තරගාවලියක් ආරම්භ කරනවා. ඉදිරි වසර 04 ඇතුලත මෙහි ලේන් 06 ක සින්තටික් ධාවන පථයක් ස්තාපිත කරනවා. එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් මෙම ක්‍රීඩාංගණයේ හා අවට ක්‍රීඩාංගණවල ලබන වසර තුළ ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනය බාස්කට්බෝල් ක්‍රීඩා පිටියද නිරීක්ෂණය කරන ලදි.

මෙම අවස්තාවට යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විතානගමගේ ,යාපනය නගරාධිපති එමානුවේල් ආනොල්ඩ්, නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී ශිවාලිංගම් සහභාගී විය.

 

 

Related posts

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාව සීෂෙල්ස් දිනා ගනියි

Mohamed Dilsad

Leave a Comment