ගොසිප්

කොරෝන දෙවන රැල්ලේ මරණ ගණන ඉහළ යාමට හේතුව කියයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසයේ දෙවැනි රැල්ලෙන් මේ දක්වා සිදුවූ මරණ 10න් 6ක්ම කොළඹ ජාතික රෝහලින් වාර්තා වී තිබේ.

ඊට එකම හේතුව එම රෝහලේ PCR පරීක්ෂණ සිදුනොකිරීම බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගියකුගේ PCR පරීක්ෂණ වෛද්‍ය පර්‌යේෂණායතනය මගින් සිදුකරන අතර එහි වාර්තාවන් ප්‍රමාද වී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවයි.

එම නිසා විවිධ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයිද හෙතම සඳහන් කරයි.

ද්විතීයික මට්ටමේ සංකූලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කරයි.

යම් හෙයකින් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාව තිබුණා නම් මරණයට පත්වූ පුද්ගලයන් හයදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බවද රවී කුමුදේශ් සඳහන් කර සිටි.

එම නිසා මේ මොහොතේදීවත් රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

පාතාල මර්ධනයට එරෙහිව ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඩ් සාෆි යළිත් සේවයට ?

Mohamed Dilsad

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම කුඩා ළමුන්ටයි

Mohamed Dilsad

Leave a Comment