විදෙස්

මිචිගන් ප්‍රාන්තය ජය ගත් බයිඩන් ජයග්‍රහණය අභියස

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවේ.

ඡන්ද විද්‍යාල  270 න් මේ වනවිට ඔහු 253 ක් දිනාගෙන ඇති අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් ලබාගෙන ඇත්තේ නියෝජිතයන් 214 කි.

මිචිගන් ප්‍රාන්තය දිනා ගත ජෝ බයිඞ්න් පවසන්නේ තමන් නිසැකවම ජයග්‍රහණය කරන බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තවදුරටත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ප්‍රාන්ත 05 ක නිල ප්‍රථිඵල පමණකි.

ඒ ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා, උතුරු කැරොලයිනා සහ පෙන්සිල්වේනියා වේ.

කෙසේවෙතත් ඡන්ද ගණන් කිරීම තවදුරටත් ප්‍රමාදවීම හමුවේ අවසන් ප්‍රථිඵලය පමා වන ළකුණු පළවී තිබෙනවා.

මෙවර මැතිවරණයෙන් ජෝ බයිඩන් ජය ගත හොත් වසර 28කට පසු බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ලබන ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වේ.

Related posts

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා උග්‍ර අතට

Mohamed Dilsad

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment