විදෙස්

මිචිගන් ප්‍රාන්තය ජය ගත් බයිඩන් ජයග්‍රහණය අභියස

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවේ.

ඡන්ද විද්‍යාල  270 න් මේ වනවිට ඔහු 253 ක් දිනාගෙන ඇති අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් ලබාගෙන ඇත්තේ නියෝජිතයන් 214 කි.

මිචිගන් ප්‍රාන්තය දිනා ගත ජෝ බයිඞ්න් පවසන්නේ තමන් නිසැකවම ජයග්‍රහණය කරන බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තවදුරටත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ප්‍රාන්ත 05 ක නිල ප්‍රථිඵල පමණකි.

ඒ ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා, උතුරු කැරොලයිනා සහ පෙන්සිල්වේනියා වේ.

කෙසේවෙතත් ඡන්ද ගණන් කිරීම තවදුරටත් ප්‍රමාදවීම හමුවේ අවසන් ප්‍රථිඵලය පමා වන ළකුණු පළවී තිබෙනවා.

මෙවර මැතිවරණයෙන් ජෝ බයිඩන් ජය ගත හොත් වසර 28කට පසු බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ලබන ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වේ.

Related posts

ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment